TO_VEN_MADULUWAWE_SOBITHA_THERO_WE_RESPECT_FOR_LIFE_TIME
![]() |
![]() |
![]() |
![]() |
![]() |
FOR VEN. MADULUWAWE SOBITHA THERO - WE ALL SRILANKAS RESPECT FOR LIFE TIME
![]() |
![]() |
|
---|
![]() |
2015 ජනවාරි 08 විප්ලවයේ ඇත්ත නියමුවා..! WE ALL SRI-LANKANS AROUND THE WORLD RESPECT FOR LIFE TIME - FOR VEN. MADULUWAWE SOBITHA THERO |
![]() |
ජනවාරි 08 විප්ලවයේ ඇත්ත නියමුවා..! http://54.86.146.54/news/3329/si Sobhitha_himi_Dayan_LeN_09.01.2016 (ලංකා ඊ නිව්ස් -2016.ජන.09, ප.ව.7.20) බොහෝ දෙනෙක් දන්නා දෙයක් තමයි අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ මේ රටේ මුලින්ම ප්‍රචලිත වෙලා හිටියේ විචිත්‍ර ධර්ම දේශකයෙක් විදියටයි. ජනතාව අතර රැව් පිළිරැව් දෙන නමක් හදාගත්තේ සදහම් චාරිකාව තුලින් මිස පටු ජනප්‍රියත්වය හෝ ලාභ, ප්‍රශංසා වෙනුවෙන් නොවේ. උන්වහන්සේ මුලින්ම හිතන්න ඇති මේ රටේ මිනිස්සු දුක් විදින්නේ, දුප්පත්වෙලා ඉන්නේ, පීඩාවට පත්වෙන්නේ ධර්මය නොදන්නා නිසා කියල. ඔවුන්ට බුදුන් දෙසු දහම් පහදා දී ඒ තුලින් දියුණුවේ දොරගුළු හැර ගන්න ඔවුන්ට උපකාර කරන්න, හරි මග කියාදෙන්න ගම් දනව් සිසාරා උන්වහන්සේ වඩින්න ඇති. එහෙත් රටේ පාලකයෝ එනවා යනවා, ජනතාවට පොරොන්දු දෙනවා මිස ඒවා ඉටුකරන්නේ නැහැ. අන්තිමේ ජනතාවට මොන දහම් කියල දුන්නත් රටේ පාලකයන්ට නිවැරදි මග කියල දෙන්නේ නැතුව මේක කරන්න බැහැ කියල උන්වහන්සේ කල්පනා කරන්න ඇති. ඉන්පසු උන්වහන්සේ ලද ජනප්‍රියත්වය නිසාම බොහෝ ගුවන් විදුලි නාලිකාවලදී මෙන්ම ජන නායකයන්ගේ සුවිශේෂ අවස්ථාවල, ඔවුන්ගේ ගෙවල් වලදී පවා හමුවන අවස්ථාවල ඔවුන්ටත් නිවැරදි මග කියා දීම සඳහා උපමා උපමෙයිය යොදා ගනිමින් හීන්සැරේ ඔවුන්ට නොදැනෙන ලෙස ඔවුන්ට මාර්ගය කියාදීමෙන් ඔවුන් නිවැරදි කරවන්න මුලදී උත්සාහ කරලා බැරිම තැන ඉතාම තදින් පවා ඔවුන් අමතන්න උන්වහන්සේ පසු බට උනේ නැහැ. මෙතැනදී උන්වහන්සේගේ ප්‍රහාර වලට ලක්වන ඔවුන් ක්‍රමයෙන් උන්වහන්සේගේ බණ , දේශනා ආදියට තහංචි දමන්න, ඒවා මග හරින්න පවා කටයුතු කරද්දී උන්වහන්සේ අභීත ලෙස තම කටයුතු ජනතාවත් එක්ක කරගන ගියා. තම ශාසනික හා සමාජ කටයුතු මේ විදියට දිගටම කරගන යනවිට රටේ සිදුවන මහා විපත් උන්වහන්සේ දැක්ක. යුක්තිය සාධාරණය ඉටු නොවන බව දැක්ක. රටේ පාලකයෝ ජනතාව පෙලන හැටි දැක්ක. රට දියුණු කරනු වෙනුවට රටම කාබාසිනියා කරන අයුරු දැක්ක. අණ පනත් වෙනස් කරගනිමින් තම බලය තව තවත් වැඩි කරගනිමින් ඒවා ජනතාව පෙළීමට යොදාගන්න අයුරු දැක්ක. 1977 විතර වෙනකල් කාලයෙන් වැඩි කොටසක් ශාසනික, සමාජීය සහ අධ්‍යාපන කටයුතු වලට යෙදු උන්වහන්සේට 78 ව්‍යවස්ථාව වෙනස් කල දා සිට ඉන් රටට වන මහා විපත්තිය උන්වහන්සේගේ "ඉසිවර මනිසින්" දකින්න ඇති. මෙහි ඵලයක් ලෙස උන්වහන්සේ ඊට එරෙහිව නැගී සිටියේ උගත් බුද්ධිමත් විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු පිරිවරාගනයි. මෙහිදී කුපිත වන පාලකයන් උන්වහන්සේ ප්‍රමුඛ පිරිසට දැක්වූ ප්‍රතිචාරය ලංකා ඉතිහාසය වෙනස් කල කළු පැල්ලමකි. එතැන් සිට ගෙවී ගිය වසර 17 ක් පුරාවට පැවති රජයේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතාව සමග පාරට බසින්නට උන්වහන්සේ කටයුතු කලේ දේශපාලනයක් වෙනුවෙන් නොව රටේ ජනතාව පත්වන පීඩාවෙන් සහ ඉන් රටට සිදුවන හානි පිළිබඳව වූ කම්පාව නිසයි. 86 අභයාරාමයේ සිදුවීම, 87 පිටකොටුවේ බෝධිය, මෙන්ම 93 ලලිත් ඇතුලත් මුදලි ඝාතන අවස්ථාව උච්චතම සිදුවීම් කීපයකි. මේ සැම විටකම උන්වහන්සේ පෙන්වූ අභීත නායකත්වය සහ මග පෙන්වීම මෙන්ම දැක්වූ වාග් චාතුර්යය පෙන්නුම් කලේ මතු යම් දිනෙක මේ රටට ජාතික නායකත්වයක් ලබාදීමට උන්වහන්සේ පෙර ගමන් කරුවකු වීමට සුදානම් වන බවකි. කාලය කෙමෙන් ගතවෙද්දී රටේ උග්‍ර යුධ තත්වයන් මෙන්ම ජාතීන් අතර සුහදතාව දැඩි ලෙස පලුදු වද්දී ජාතික සමගියේ වැදගත්කම පෙන්වා දෙමින් 17 වසරක පාලනයට නැවතීමේ ලකුණ තැබීමේ උදාර මෙහෙයුමට උන්වහන්සේ දුන් දායකත්වය නිසාම ජනපති පදවියට පත්වූ විගසම චන්ද්‍රිකා මැතිනිය යන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයටයි. පසුව උන්වහන්සේ බැහැ දැකීමට නිතර පැමිණි ඇයගෙන් ඕන තරම් ප්‍රති උපකාර ගතහැකි වුවත් හැම විටකම ඉල්ලා සිටියේ ජනතාවට පොරොන්දු වූ දේවල් ඉෂ්ට කර, පොරොන්දු වූ පරිදි විධායක ජනපති ක්‍රමය වෙනස් කරන ලෙසයි. රටට සාමය ලඟා කර දෙන දෙන ලෙසයි. පුද්ගලික ලාභ ප්‍රයෝජන තුලින් අඩුම තරම පන්සලේ යටිතල පහසුකමක්වත් සිදු කරනු දැකීම උන්වහන්සේගේ අභිප්‍රාය නොවීය. වෙනත් භික්ෂු චරිත හා සැසඳීමේදී උන්වහන්සේගේ සුවිශේෂ ලක්ෂනය් වුයේ පාලන වෙනසකට දායකවූ දාට පසු දිනම යලි ජනතාව සමග මිස පාලකයන් සමග සිට නොගැනීමයි. මේ ප්‍රතිපත්තිය දිගටම ආරක්ෂා කල උන්වහන්සේ එයින් ද පෙන්නුම් කලේ උන්වහන්සේ තුල වූ අදීනත්වයයි. යලි 2005 වසරේ පැවති ජනපති මැතිවරණයේද ප්‍රධානතම මාතෘකාව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම වූ නිසාම උන්වහන්සේගේ සිහිනයක් වූ මෙය මේ අවස්ථාවේ දී හෝ ඉටුකරගත හැකිවේය යන බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්ෂ මහතාටද සහාය වෙයි. එහෙත් පසුදාම යලි ජනතාවගේ හඬ බවට පත්වන උන්වහන්සේ නව පාලනයද නිරීක්ෂණය කළා මිස භුක්ති වින්දේ නැත. වසර 30 ක් පැවැති යුද්ධය නිම කිරීමට හැකිවීම ගැන අතිශය සතුටට පත් වුවද යුද්ධය නිසා පීඩාවට පත් මිනිසුන් විඳින දුක උන්වහන්සේට මහත් පීඩාවක් විය. රටට සාමය ලඟා කරදීමට, උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ඔවුන්ගේ ජන ජීවිත නගා සිටුවීමට අවශ්‍ය කටයුතු කිරීම වෙනුවට තම බලය, පවුල තර කිරීමට 18 ව්‍යවස්ථාව ගෙන ඒම, විධායක ක්‍රමය අහෝසිකිරීමේ පොරොන්දුව පිට දෙවන වරටත් සහාය දුන් උන්වහන්සේට කල ලොකුම නින්දාව විය. මෙවන් පසු බිමක රටේ සිදුවන විපත් වලින් කම්පාවට පත් රටේ උගත් බුද්ධිමත් පිරිසක් උන්වහන්සේ හමුවන්නේ මේ දුර්ධාන්ත පාලනයට අභියෝග කිරීමට නායකත්වය දීමට ඉදිරියට එන ලෙසයි. එහිදී "සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය " නමින් බිහිවන සංවිධානයේ නායකත්වය ගෙන රටම දැනුවත් කිරීම ආරම්භ කරන්නේ උන්වහන්සේගේ 70 වන ජන්ම දිනයේ දීය. වසර 60 කට ආසන්න කාලයක් තම ජීවිතයම කැප කරමින් උන්වහන්සේ කරන ලද ශාසනික මෙන්ම සමාජීය මෙහෙවර දෙස ආපසු හැරී බලද්දී උන්වහසේ තම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, කලයුතු මෙහෙවර ඉතාම උසස් අයුරින් නිමකොට පරමාදර්ශී භික්ෂු චරිතයක් ලෙස මේ සියලු මෙහෙවර නිමා කොට, අද සිට තමුන්ගේ ජීවිතේ ඉදිරි කාලය විවේක සුවයෙන් ගත කිරීමට තීරණය කොට ඇති බව ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් තරම් කරුණු ඕනෑ තරම් තිබියදී, විශේෂයෙන් උන්වහන්සේ මේ වන විටත් පෙළමින් සිටි රෝගී තත්වය උග්‍ර අතට හැරෙන්නට පෙර විවේක ගෙන සුවයක් ලබා තවත් කාලයක් ජීවත්වීමට හැකියාව තිබියදී, උන්වහන්සේ කල ප්‍රකාශය මේ රටේ දුටු ගැමුණු රජතුමා "සම්බුද්ධ ශාසනයත් රටත් බේරාගැනීම" වෙනුවෙන් කල ප්‍රකාශය මෙන්ම මහා පැරකුම්බා රජතුමා " අහසින් වැටෙන එක දිය බිඳක් හෝ මුහුදට යාමට ඉඩ නොදෙමි" යනුවෙන් කල ප්‍රකාශයත් " බණ්ඩාරනායක සිරිමතාණන් "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි" යනුවෙන් කල ප්‍රකාශයත් අභිබවා ගිය මේ සියවසේ කරන ලද ශ්‍රේෂ්ඨතම ප්‍රකාශයකි. " මගේ ජීවිතේ ඉතුරු කාලය මම වෙන් කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය නමැති පරමාණු බෝම්බයකටත් වඩා බලගතු රටම විනාශ කරන ව්‍යවස්තාව වෙනස්කිරීම සඳහායි" මේ ප්‍රකාශය යහපත් දේශයක්, සාධාරණ සමාජයක් පිලිබඳ බලාපොරොත්තු තබා සිටි සියලු උගත් , බුද්ධිමත් මෙන්ම මුළු රටේම ජනතාව අවදි කරන්නක් විය. එයින් පිබිදුන ජනතාව උන්වහන්සේ වටා රොක්වන්නේ මේ දුෂිත පාලනය පෙරලා දමන්නට හෝ එම නායකයා ඉවත් කරන්නට හෝ වෙනත් අයකු රජ කරවන්නටවත් නොවේ. උන්වහන්සේගේ එකම පරම පිවිතුරු අභිප්‍රායය වුනේ මේ ක්‍රමය වෙනස් කොට, සාධාරණ සමාජයක්, යුක්තිය ඉටුවෙන, නීතිය රජවෙන, දුගී දුප්පත්කම තුරන් කල හැකි, සියලු දෙනාට සමසේ සලකන, ජාති ආගම් බේද වලින් තොරව සියලු දෙනා එක්වී එකම ශ්‍රී ලාංකිකයන් කැලක් සේ ජීවත් විය හැකි දේශයක් බිහිකර ගැනීම පමණි. මින් පසු රටේ උද්ගත වූ මහා විනාශකාරී ක්‍රියා දෙස විමසිල්ලෙන් බලා සිටි උන්වහන්සේ රට බේරාගෙන වසර 30 ක යුද්ධය නිම කල හිටපු හමුදාපති සතකු මෙන් ඇදගෙන ගොස් සිරගත කරද්දී මෙන්ම අග්‍ර විනිශ්චය කාරිනිය ඉවත් කිරීමේදී රජය කටයුතු කල ආකාරය දැඩි ලෙස විවේචනය කරමින් නැවතත් ජනතාව සමග පාරට බසින්නේ තම අභීත කේසර සිංහ ලීලාවෙනි. සියල්ල කණපිට හැරෙද්දී රටක විපක්ෂයක් නොමැති, රටට විපක්ෂයකට නායකත්වයක් දිය හැකි නායකයෙක් නොමැතිව දේශපාලන වශයෙන් වියලි කතරක් බවට පත්ව තිබු දේශයට නායකත්වය දීමට, නායක අහේනියකින් පසුවූ රටක ජනතාවට නායකත්වය දීමට අවසානයේ උන්වහන්සේ තීරණය කරන ලදී. සිදුවන සියල්ල දැඩි ලෙස විවේචනය කරමින් ජනතාව සමග පාරට බසින උන්වහන්සේ එවකට ලංකා ඉතිහාසයේ දීර්ඝතම විශ්ව විද්‍යාල වර්ජනයට නායකත්වය සැපයු ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, ආචාර්ය දඹර අමිල හිමි සහ සිර ගෙදරින් එලියට ආපු සරත් ෆොන්සේකා සමග එකතුවී මුළු විපක්ෂයම බලා සිටියදී එම කටයුතු වලට දුන් නායකත්වය උන්වහන්සේගේ මීළඟ ගමනේ ආරම්භය විය. ක්‍රමයෙන් උන්වහන්සේගේ හඬ රට පුරාම පැතිර යද්දී හෙට දිනයේ උන්වහන්සේ කරන ප්‍රකාශය කුමක්දැයි දැනගනීමට ජනතාව මග බලමින් සිටින තත්වය දක්වා වර්ධනය වන විට, රටේ මෙතෙක් නිද්‍රාශීලිව තිබුන සිවිල් සමාජය ක්‍රමයෙන් අවදි වෙන්නට විය. සියලු විපක්ෂ දේශපාලන පක්ෂ කෙරේ ජනතාව තබා උන් බලාපොරොත්තු සුන් වෙමින් බොහෝ වරප්‍රසාද හමුවේ හෝ නැතිනම් බලපෑම් හමුවේ අකර්මන්‍ය වූ විපක්ෂය වෙනුවට ජනතාවගේ එකම විකල්පය බවට පත් උනේ උන්වහන්සේ ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයයි. අවසානයේ විපක්ෂ නායකත්වය මීළඟ ජනපති මැතිවරණයට ඉදිරිපත්ව ජය ගත නොහැකි තරම් පසු බිමක් නිර්මාණය වෙද්දී උන්වහන්සේ තම ව්‍යාපාරය සමග එකතු වී නව ව්‍යවස්ථාවක් හදා එය මුලින්ම රටේ මහා නායක හිමි වරුන් ගෙන් පටන් ගෙන සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත ද පිලිගන්වන්නේ මීළඟ ජනපතිවරණයේදී ඊට ඉදිරි පත්වන කවරකු වුවද පවතින ව්‍යවස්ථාව අහෝසි කොට නව ව්‍යවස්ථාව පිළිගන්න ඕනෑම අයකුට තම සහය දක්වන පොරොන්දුව පිටයි. මෙහිදී මෙතෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රසිද්ධියේ සහාය පල කර නොතිබූ එක්සත් ජාතික පක්ෂයද තම සහය ඊට පලකිරීම උන්වහන්සේ ලද පළමු ජයග්‍රහණය විය. රටේ වෙනසක් යහ පාලනයක් වෙනුවෙන් කැපවී ක්‍රියාකළ දේශබන්දු කරු ජයසුරිය මහතාද, අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ද අප හිමියන් සමග එකතු වන්නේ ඊට නව ජවයක් ලබා දෙමිනි. මෙසේ ක්‍රමයෙන් උන්වහන්සේගේ වැඩපිළිවෙල රට හමුවේ තබා සම්මන්ත්‍රණ රට පුරා පවත් වද්දී ජනතාව ක්‍රමයෙන් උන්වහන්සේ වටා රොක්වීම සහ මෙතෙක් බියෙන් සැකෙන් අදහස් පලකිරීමට මැලි කම් දැක්වූ විපක්ෂ දේශපාලකයන්ද ඉදිරියට පැමිණීම උන්වහන්සේ ලද තවත් ජයග්‍රහණයකි. මේ අවස්තාව ප්‍රයෝජයනට ගනිමින් උන්වහන්සේ සියලු පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ සමග සාකච්චා, සම්මන්ත්‍රණ සහ කතිකා පවත්වමින් ඔවුන් සමග තිබු සම්බන්දකම් වැඩි දියුණු කරගනිමින් සියල්ලෝම එකම වේදිකාවකට ගැනීමේ ශුක්ෂම වැඩපිළිවෙලකට යොමුවිය. මෙසේ ක්‍රමයෙන් උන්වහන්සේගේ හඬ සමග බද්ධ වන වැඩපිළිවෙල ජනතාව විසින් අනුමත කරද්දී ජනපති වරණයට ඉල්ලීමට සිටි පක්ෂ නායකයන්ට දෙවරක් සිතන්නට සිදු උනේ සෝභිත හිමි විසින් අවසානයේ කල ප්‍රකාශයයි. තම වැඩපිළිවෙල පිළිගෙන එය දිනවීමට හැකි අයෙක් ඉදිරිපත් නොවන්නේ නම් තමාම මීට ඉදිරිපත්වී ජයග්‍රහණය කොට දින 120 ක් තුල සියල්ල ක්‍රියාවට නගන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දීමයි. අවසානයේ හිමියන් යෙදු සියලු උපක්‍රම හමුවේ අන්ත අසරණ බවට පත් වූ හිටපු ජනපති මෙන්ම ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයන් කරන්නේ කුමක්දැයි සිත ගත නොහැකි තත්වයට පත් විය. උන්වහන්සේගේ උපායශීලී දුරදර්ශී නායකත්වය නිසාම අවසානයේ උන්වහන්සේ ප්‍රකාශ කල පරිදිම කිසිවකු නොසිතු පුද්ගලයෙක් පොදු අපේක්ෂකත්වයට ගෙන ඒමට නායකත්වය දීමට උන්වහන්සේට හැකිවිය. නමුත් ඉන් පසු සිදු වූ සංග්‍රාමයේදී ජනවාරි 08 විජයග්‍රහණය වෙනුවෙන් තම දිවි පරදුවට තබා ඊට නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමා, රනිල් වික්‍රමසිංහ අගමැති තුමා, ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම රජයෙන් ඉවතට පැමිණි දේශපාලන නායකයන්, මෙන්ම මහා සඟ රුවනද ඉටු කල කාර්ය භාරය කිසි විටෙක අඩුවෙන් තක්සේරු කල නොහැක. නමුත් උන්වහන්සේගේ අසීමිත කැපවීමක, මෙහෙයවීමක අවසන් ඵලය උනේ 2015 ජනවාරි 08 නිහඬ විප්ලවයක් කොට ජනතාව පැතූ සාධාරණ සමාජය සඳහා දොරටු විවර කරගැනීමකි. ඉන් අනතුරුව සිදු වූ බොහෝ දෑ පිළිබඳව බොහෝ දෑ ලියවී ඇති බැවින් අද උන්වහන්සේ නොමැති අඩුව ඉතා තදින්ම දැනෙන මේ මොහොතේ අප සතු කාර්ය භාරය කුමක් දැයි කල්පනා කළයුතුව ඇත. උන්වහන්සේගේ 73 වන උපන් දිනයේදීත් උන්වහන්සේ නැවතත් රටේම නායකයන්ට මතක් කලේ ජනාධිපති මැතිවරණයේදී ප්‍රකාශ කල පරිදි, පොරොන්දු වූ පරිදි විධායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කොට නැවත පාර්ලිමේන්තු ක්‍රමය රටට හඳුන්වාදී අදට ගැලපෙන රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් හඳුන්වාදී, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බල ගන්වා, සියලුම ජාතීනට ආගමිකයන්ට සමව සලකන සාධාරණ යුක්ති ගරුක දේශයක් බිහිකිරීම උදෙසා උන්වහන්සේ එදින රටට හඳුන්වා දුන් දස වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට කැපවෙන ලෙසයි. රටේ නායකයන් ලෙස ඔවුන් සැමගේ යුතුකම වන්නේත්, උන්වහන්සේට දක්වන උපහාරය වන්නේත් මේ පොරොන්දු ඉටු කිරීමයි. උන්වහන්සේගේ මග ගිය සාධාරණ සමාජයක් උදෙසා කැපවී ක්‍රියාකළ සහ ඔවුන් සමග අත්වැල් බැඳගත් සියලු සමාජ ක්‍රියාකරීන් සහ සංවිධාන මෙන්ම පක්ෂ විපක්ෂ සියලුම දේශ පාලන පක්ෂ වලද වගකීම සහ යුතුකම වන්නේ උන්වහන්සේ පැතූ සාධාරණ සමාජය බිහිකිරීම වෙනුවෙන් එම නායකයන්ට මග පෙන්වමින්, ඔවුන් නිවැරදි මාවතට ගනිමින් මේ සදහා කල හැකි සියලුම බල පෑම් කරමින් රට වෙනුවෙන් කැපවීමයි. එසේ කිරීමට අවශ්‍ය මුලික පදනම පසුබිම සකස් කොට නික්ම ගිය උන්වහන්සේ ජනපති වරණයට පෙර සමයේ කල තවත් එක ප්‍රකාශයක් ඔබ හමුවේ තබන්නේ උන්වහන්සේගේ දැක්ම පිළිබඳව රට කරවන උදවියගේ අවධානය පිණිසයි." බලන්න මහත්තයෝ දැන් අපේ රටේ ජාතික නායකයෙක් කියල කෙනෙක් පේන තෙක්මානෙක ඉන්නවද කියල. එදා 78 පෙර අපිට ඕන තරම් ජාතික නායකයෝ හිටිය. 48 නිදහස ලබන කොට රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සිංහල, දෙමල, මුස්ලිම් ආදී සියලු ජාතීන් අතර ප්‍රබල ජාතික නායකයෝ අපට කොතරම් සිටියාද? 77 ආණ්ඩුව හදනකොට දස මහා යෝධයෝ වගේ උදවිය තමයි ප්‍රබලම ඇමතිකම් දැරුවේ. ඔවුන්ට දැක්මක් තිබුන. දර්ශනයක් තිබුන. නමුත් වසර 37 ක විධායක ක්‍රමය තුලින් මේ සියලු නායකයෝ විනාශ කළා. නැතිනම් කොදු කඩලා දැම්ම. අද ඉන්නේ රූකඩ ටිකක් විතරයි." මෙයින් පෙන්නුම් කරන්නේ මේ ක්‍රමය තුලින් කිසිම ජාතික නායකයෙක් යලි බිහි නොවන තරමට දේශපාලනය පිරිහී ඇති බවයි. මේ විධායක ක්‍රමය නිසා උත්තරීතර තත්වයෙන් ජනපති පදවි ලබා කාලය අවසන් වනවිට මේ පුටුවේ වාඩිවුණ පුද්ගලයාත් විනාශ උනා. ඊට එරෙහිව සටන් වැදුන සේරම ජාතික නායකයොත් විනාශ උනා. රටත්, උපදින මතු පරම්පරාවමත් විනාශ වෙන, කිසිම දිනක රට ගැන සිතන ජාතික නායකයන් බිහි නොවන තිඹිරි ගෙයක් බවට පාර්ලිමේන්තුව පත් උනා. අවසන් වරට ඊට එරෙහිව වසර 35ක් පමණ සටන් වැදුන සෝභිත නායක හාමුදුරුවොත් රටට අහිමි උනා. එයින්ම පෙනෙනවා විධායක ජනපති ක්‍රමයේ ඇති භයානක ස්වරුපය. එහෙමනම් අපි මේක කර පින්නගෙන අපේම වල අපිම කපාගන්නවාද? නැතිනම් මේ ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ඵල ලබා හැකි ඉක්මනින් මේක අවසන් කරනවාද යන්න තීරණය කිරීමට අප තවත් ප්‍රමාද විය යුතුද?'' අවසන් වශයෙන් මම උන්වහන්සේ දකින්නේ අපේ කාලයේ මා දුටු බෝසත් චරිතයක් ලෙසයි. උන්වහන්සේ දේශපාලනයක් කලේ නැහැ. උන්වහන්සේ මම දකින විදියට බුද්ධ පුත්‍රයෙක් විදියට බුදුන් ගිය මග ගිය අයෙක්. හැමදාම කල්පනා කලේ රටේ දුක් විඳින මිනිසුන් ගැන. පාලකයෝ නිසා පීඩාවට පත්වන රටේ ජනතාව ගැන. ඔවුන් ඉන් මුදවාගන්න තමයි උන්වහන්සේ හැම දේම කලේ. උදේ පාන්දර 4 ට අවදිවෙන උන්වහන්සේ හමුවෙන්න ඕන නම් උදේ 7 ට කලින් තමයි හොඳම වෙලාව. ඊට පස්සේ මුළු දවසම රටේ කොහේ හරි බණක්, දානයක්, දේශනයක්, සම්මන්ත්‍රණයක්, වැනි බොහෝ කටයුතු තම දින පොතේ ඇති පරිදි හරියට වෙලාවට කිරීම උන්වහන්සේගේ විශේෂ ලක්ෂණයක්. වැඩක් බාරගෙන තිබුනොත් යම්තම් නැගිට ගන්න පුළුවනි නම් කොහොම හරි නියමිත වෙලාවට උන්වහන්සේ එතන ඇති. බුදු වදන අනුව " අප්පමාදෝ අමත පදං , පමාදෝ මච්චුනෝ පදං " වදන අකුරටම ක්‍රියාත්මක කළා. හැමදාම කීවේ මේ ඉන්න ටික කාලේ අපි විනාඩියක්වත් අපතේ නොයවා මිනිසුන්ට සේවය කරන්න ඕන. බණකට , දානයකට ආරාධනා කරන්න ඉතාම දුගී දුප්පත් පැල්පතක කෙනෙක් ආවත් දිනපොතේ වෙලාව තිබේ නම් දැන හැඳුනුම් කම් කිසිවක් නැතත් උන්වහන්සේ ඒක බාරගත්ත. තමුන්ගේම වියදමින්, තම වාහනයෙන්ම ගිහින් ඒ කටයුතු කළා. කිසිම දිනෙක කිසිම වැඩකට මුදල් ඉල්ලුවෙවත් ඒ ගැන ඇහුවේවත් නැහැ. ලෙඩ, අසනීප කොතරම් තිබුනත් බාරගත්ත වැඩේ තමයි උන්වහන්සේගේ අංක එක උනේ. " සුනාථ ධාරේත චරාථ ධම්මේ" වදනට අනුව වසර හැටක්ම කලේ සදහම් චාරිකාවේ යෙදෙමින් මිනිසුන් යහමගට ගන්න එකයි. "බහුජන හිතාය , බහුජන සුඛාය " වදනට අනුව රටට, ජනතාවට විපතක් කොතනද උන්වහන්සේ එතන හිටිය. ඔවුන් කුමන ජාතියකද, කුමන ආගමකද, කුමන දේශපාලන පක්ෂයකද, කුමන තරාතිරමකද කියල නොතකා තම ජීවිතේ පරදුවට තියල ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය. ඒ අනුව කටයුතු කළා. එවැනි අවස්ථාවල තම ජීවිතේට තිබුන මරණ තර්ජන, නින්දා, අපහාස මේ කිසිවක් තැකුවේ නැහැ. විටෙක මරණ තර්ජන තිබුන අවස්ථාවල ආරක්ෂකයෙක් සමග ගමන් බිමන් යන්න කීවම කීවේ "මට මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා මැරුණත් සැපයි. මට මොනවටද ආරක්ෂකයෝ ". උන්වහන්සේ නිතරම කතා කළේ රට ගැන, මිනිස්සු ගැන, මේ රට සුන්දර රටක් කරන විදිහ ගැන, රට දියුණු කරන ක්‍රම ගැන. උන්වහන්සේ තුල තිබුන දැක්ම මේ රටේ දේශපාලකයන්ට තිබුන නම් අප රට මේ වෙන කොටත් සුරපුරයක්. මම දන්නා විදියට ඩී ඇස් සේනානායක මහතාගෙන් පස්සේ මේ රටේ සියලුම ජාතීන්, ආගමිකයන් එකතු කල ජාතික නායකයා උන්වහන්සේ. මොකද ඊට පස්සේ රට පාලනේ කල කිසිම නායකයෙකුට ජාතික සමගිය ඇති කරන්න බැරි උනා. ඒ වෙනුවට උනේ බෙදීම, වෙන්වීම පමණි. ඒ නිසා මම දකින්නේ මේ සියවසේ පහල උන ශ්‍රේෂ්ඨම ජාතික නායකයා උන්වහන්සේ. උන්වහන්සේ සිංහල, දෙමල, මුස්ලිම් මේ හැමෝටම පියෙක් උනා. අප රට දියුණු කරන්න නම් අපි මුලින්ම සියලු ජාතීන් එකමුතුවෙලා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ක්‍රියා කලයුතු බව උන්වහන්සේගේ දැක්මයි. මේ සේරටමත් වඩා සුවිශේෂ කරුණ නම් උන්වහන්සේගේ කිසිම කෙනෙක් සමග කිසිම අමනාපයක් තිබුනේ නැහැ. උන්වහසේගේ ප්‍රශ්න තිබුනේ ක්‍රමය ගැන මිස පුද්ගලයන් එක්ක නොවේ. උන්වහන්සේ හැම විටම විශ්වාස කලේ පුද්ගල වෙනසකින් ලබන්න පුළුවන් දෙයක් නැහැ ක්‍රමය වෙනස් නොකර. ඒ නිසා ක්‍රමය වෙනස් කිරීම අරමුණු කරගත් විප්ලවයක් වෙනුවෙන් උන්වහන්සේ හැම විටම පෙනී සිටිය. ක්‍රියා කළා. ඕනෑම විරුද්ධ වාදියෙක් සමග උන්වහන්සේ කලණ මිතුරෙක් සමග මෙන් ඇසුරු කළා. ඒ නිසයි මම නම් කියන්නේ උන්වහන්සේ බෝධි සත්වයෙක් මිස නිකම්ම බුද්ධ පුත්‍රයෙක් නොවේ. පාරමී දම් පුරන බෝසත්වරුනුත් කලේ පීඩිත මිනිසුන් ගැන සිතන එක. ඔවුන් ඉන් මුදවාගන්න හැටි ගැන සිතන එක. ඒ වෙනුවෙන් ජීවිතේ උනත් පුජා කරන එක. උන්වහන්සේ වසර හැටක් පුරාවටම කලේ ඒක. අන්තිමට අකාලයේ ජීවිතේ අහිමි උනේ තම රෝගී තත්වයන් පවා නොසලකා, කිසිම විවේකයක් නොගෙන කරපු අසීමිත කැපවීම නිසයි. අපි උන්වහන්සේට දක්වන ලොකුම උපහාරය වන්නේ උන්වහන්සේ අපට දෙසු දහම් අනුව අප ජීවිත සකස් කරගෙන උන්වහන්සේ පැතූ සාධාරණ සමාජය බිහි කිරීමට අපට හැකි අයුරින් දායක වීමයි. රටේ නායකයන්ට ද උන්වහන්සේට කල හැකි ලොකුම උපහාරය වන්නේ උන්වහන්සේ සමග ඇතිකරගත් ගිවිසුම් පරිදි කටයුතු කොට ඒවා ඉටු කිරීමට රට ජාතිය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමයි. (සෝභිත හිමියන්ගේ ගමනට උපරිමයෙන් දායකත්වය දුන් සාධාරණ සමාජයේ ක්‍රියාකාරී සමාජිකයෙක් විසිනි) |
Sobitha: The Real Architect Of The January 8th RevolutionFebruary 7, 2016 | Filed under: Colombo Telegraph , MORE OPINION , Opinion | Posted by: COLOMBO_TELEGRAPH![]() By Sisira Jayamaha – Sisira Jayamaha During the early years, late Rev. Maduluwawe Sobitha Thero was best known as at most venerated prelate, uniquely eloquent in Dhamma discourses most appealing to the learned as well as not so learned audiences all over the island. Despite the resounding admiration and appreciation received, he never ever exploited them either to gain cheap popularity or fame and never ever for any personal benefits. It is possible that Rev. Sobhita Thero might have believed that most of the people remain poor undergo oppression or suffering mainly due to their ignorance of the Dhamma. Hence might have dedicated him to traverse the length and breadth of the country to guide them in the Dhamma leading them to acquire a better quality of life. However, Rev. Sobitha Thero , being a visionary, may have ultimately realized, particularly after the constitutional changes in 1978, that, despite the people's adherence to righteous conduct, they are unable to improve their quality of life mostly due to the rulers who take turns to deceive the public. Hence, he ventured to directly request the politicians to adopt a more humanitarian attitude in their treatment of the public and to provide a just and equitable system of governance to provide the much needed relief to the poor masses of the country. For this purpose Rev. Sobitha Thero utilized every opportunity including public meetings, discussions, and through print and electronic media, to appeal to the politicians irrespective of party differences, to adopt such an approach. When his appeals were not adequately responded, Rev. Sobitha Thero commenced a stronger campaign to insist on a change of the attitude of the politicians; he was subjected to explicit and implicit obstructions, censorships, blockades and many types of harassments. Once such direct and indirect obstacles, intimidations were aimed at him Rev. Sobitha Thero who became more determined on his mission, witnessed an unprecedented support from the general public irrespective of racial, religious or regional differences, spearheaded by many a civil society, university academic, and such other sympathetic activists. This was evident during the 17 year period commencing from 1978, when he led on behalf of the innocent and helpless masses, a number of forceful demonstrations against many social discriminations perpetrated on the poor masses. Rev. Sobitha Thero headed and personally led these movements quite sincerely for the sake of helpless masses but never with a slightest inclination to enter politics. There were many instances when the then rulers enraged by his movement subjected him and his supporters to many a cruel and inhuman treatments among which harassments at Abhayaramaya in 1986, at the Bodhiya in Pettah in 1987, and at the assassination of Lalith Athulathmudali in 1993 to name just a few. The clear display of fearless leadership, inspiration and guidance combined with and his uniquely effective eloquence clearly indicative of his undisputed potential to be a forerunner in the establishment of a future national level leadership. During the latter phase of the 17 year period, when many a lapse, including the deterioration of inter-racial relationships, and the emergence of a military environment, our Thero emphasized the urgent need for a national reconciliation process and effectively participated in the effort to end the 17 year rule. The action by Hon. Chandrika Bandaranaike 's to identify Naga Viharaya to make her first visit after assuming duties as the Prime Minister was a clear indication of her recognition of the significance of Rev. Sobitha Thero's contribution to the political change. Despite the frequent visits to his temple by many political heavyweights in power, our Rev. Thero never ever even suggested any personal political favors, not even any facilities for his temple. However, he consistently urged them to fulfill the promises made to the people, Despite his major contribution to many political victories, from the day one of a new government, he identified himself with the people and not with the politicians, and consistently followed this principle demonstrating his infallible rectitude. In the Presidential election in 2005, he supported Hon. Mahinda Rajapakse in view of his main commitment to the abolition of the Executive Presidential system. However right from the following day, he reverted to his position to become the voice of the people and continued to pressurize the government to honour the commitments. Even though the termination of the 30 year long war was a matter of much joy to him, he was greatly distressed to witness the sufferings of the war affected people of all the communities. In this context, the adoption of the 18 th Amendment to the constitution further strengthening it, enhancing the family rule is the biggest insult ever perpetrated on Rev. Sobhita Thero. In the context of the above mentioned environment clearly indicative of a national disaster looming over the entire country, a large number of intellectuals from a variety of social and religious strata, kept on steadily and increasingly rallying around Rev. Sobitha Thero, urging him to provide the leadership to a much needed socio-political reform process. As a response to this public demand he had no option but to convene incidentally on his 70 th birth anniversary, the National Movement for Social Justice (NMSJ). His response to the public demand and the commitment to this cause is most significant for two reasons. Firstly, our Rev. Thero having by then dedicated self almost 60 years of his life, in addition to his religious and social services as an exemplary Buddhist monk, had all the justifiable reasons and facilities to lead a relaxed monastic life. Secondly, being subjected to various mental and at times physical harassments due to his steadfastness in the continuous struggle for justice and fair play always identifying himself with the victims of malicious socio-political maneuvers by ruthless politicians of every hue, he was afflicted with health problems. Hence, he virtually sacrificed his health and life to the call of the civilized society by fearlessly leading the moment to remove the root causes leading the country towards absolute anarchy and family rule. Recalling the heroic statements of our ancient kings such as Dutugemunu, Maha Parakramabahu and recently by politicians such as late SWRD Bandaranaike, Rev. Sobitha Thero summed up the objectives of the social movement when he fearlessly declared “I dedicate the rest of my life for the constitutional reform to abolish the Executive Presidency which is more destructive than an atom bomb in pulverizing an entire nation” This declaration when rippled through the friendly media, kindled the confidence and courage of a wider spectrum of society sans race, religion and even politics and transformed his movement to a mighty force. His entire concern was neither to topple a government and remove its leader nor to enthrone any other person but to change the existing system and create a nation guaranteeing social justice, respecting rule of law, equity of all citizens devoid of racial, religious or other forms of discrimination. Rev. Sobitha Thero with his inborn charisma and personality blended with sincere and selfless determination got on to the streets, openly critical of the barbaric acts such as the most inhuman treatment to General Sarath Fonseka who rid the nation of its 30 year savage war, and the callous process in removing the former Chief Justice . During the recent dark period when the entire country had become a virtual ruin further aggravated due to the absence of a leader capable of mobilizing a strong opposition, Rev. Sobhita Thero was compelled to fill the vacuum to provide the much needed leadership to a massive movement of the people. In this process several personalities such as Dr. Nirmal Ranith Dewasiri, Rev. Dambara Amila Thero, General Sarath Fonseka and several political parties joined him further strengthening and accelerating his forward march towards the creation of a just and fair society while the main opposition was just witnessing the process. Many a Civil Society organization which had hitherto been in a state of hopelessness got gradually energized once the general public inspired by Rev. Sobitha Thero's sincerity and determination displaying a tremendous faith and confidence in him. By then, the people had lost the confidence in the opposition political parties which had become ineffective either succumbing to the pressures or the hidden privileges of the then government, or through the conviction of their incapability to win a future election. Within this context the National Movement for Social Justice led by our Thero turned out to be the people's only option. He guided the Movement to draft a set of conditions which was presented to all the dignitaries commencing from the Rev. Mahanayakas and to the leaders of all political parties pledging the support of his movement to anyone who accepts the condition to abolish the Executive Presidential system. The Thero scored one immediate success when the United National Party which had hitherto not publicly announced its decision to abolish the Executive Presidency declared its support. This was further strengthened with the active support by the likes of Deshabandu Karu Jayasuriya, Rev. Girambe Ananda Nayaka Thero, Father Ried Shelton Fernando etc. Once Rev Sobitha Thero further accelerated his campaign through a series of well attended public meetings sponsored by enthusiastic activist all over the country, some other opposition politicians who were lukewarm so far, commenced to rally round him. While inviting the then President and the then governing Party through public meetings to immediately abolish the Executive Presidency, he kept on addressing all the leading opposition Parties finally managing to bring almost all the opposition Parties to a common platform. Within a relatively short period of time, the Thero's movement grew into a massive campaign with the tremendous enthusiasm and active support by millions of people sans racial or religious factors and from the urban, semi urban as well as rural sectors from every part of the country. At this point of time, he called upon all the political parties to consider a common candidate capable of getting their collective support. Once he noticed a considerable delay in such a process, he declared that in the event the opposition is unable to identify such a candidate, he will come forward with a clear commitment to abolish the Executive Presidency within a time frame of 120 days and revert to his temple. This statement created shivers not only in the President in power but also a few leaders of the then opposition who had been scheming to become Presidential candidates. Ultimately, Rev. Sobitha Thero, through his patience, determination and courage blended with selflessness , and with the backing of a widest political and civil society groups, he was able to effectively lead and coordinate a process to identify a common candidate which was a real surprise to all the stakeholders. Inspired with such an initiative, we have to appreciate the courage and the contribution of Hon. Maithripala Sirisena who agreed to contest as the common candidate on the face of numerous challenges including a direct threat to his life, and the statesmanship of Hon. Ranil Wickremesinghe who sacrificed his obvious candidature, and the active support of a wide array of politicians, numerous political and civil society groups sand their leaders, and the venerable Maha Sangha and many other religious leaders to achieve this historic landmark in the modern history of Srilanka. Finally, the silent revolution led by Rev, Sobitha Thero over a period exceeding two decades achieved its goal on 8 th January 2015, facilitating the creation of a society guaranteeing Social Justice. Since there have been many a write up on the progress made after 8 th January 2015, our main focus today should be to carefully determine the future role to be collectively played by all of us for the achievement of the goals set by our late Thero. The main announcement made by Rev. Sobitha Thero on his recent 73 rd birthday was a reiteration to the leaders of the government to fulfill the undertaking they had given to the people at the elections through the implementation of the tenfold proposals he had presented and accepted by them and thereafter approved by the people, ie, the enactment of a new constitution for the establishment of parliamentary system through the total abolition of the Executive Presidency, empowering the democratic institutions and to create a just and fair society guaranteeing the equal treatment of all races and religions in the country. Hence, it is the bounden duty of the present leaders of the country to fulfill those pledges if they are sincere in their homage to him. All the social activist, civil society organizations and the many political parties who had collaborated with the late Thero, have an unredeemable duty and responsibility by the nation, to continue the pressure on the political leaders to make Rev. Thero's vision i.e., the creation of a just and fair society a reality. I wish to recall one of the statements of Rev. Sobitha Thero at made just before the last Presidential Election. “ Just consider Mahattayo! Can you see a single person who could be called a national leader today? We had quite a few of them before 78. What a number of Sinhala, Tamil and Muslim leaders we had who struggled risking their lives during our struggle for independence.? When the government was formed in 77, great persons with moral strength functioned as ministers. They all had a vision and a philosophy. But sadly, over a period of 37 years of Executive Presidency, all such leaders have either been annihilated or disabled. Today, we have only a set of puppets” This illustrates the deterioration of the polity under Presidential rule, to the extent of non emergence of a national leader again. Under this Executive Presidential system, even a dignified person ascending it will soon degenerate to such a level so much so that by the time they complete their term. All the national leaders who fought against this system have been destroyed. The Parliament has sunk to the level of a dark shell which prevents the emergence of any person with a caliber of national leaders thus destroying the country and its future generations. Finally, the country has lost the illustrious personality our Rev. Maduluwawe Sobitha Thero who fought for 35 long years to end this system. This alone illustrates the horrific form of the Executive Presidential system. In the context of such a situation, there is no rationality in delaying any further, to utilize this unique opportunity to end this corrupt system or destroy ourselves completely by upholding the same. Finally, my conception is that this unique personality, Rev. Sobitha Thero was a “Bodhisatva of our time”. He no craving for anything worldly, least for politics. As I see him, he as a true follower of the Buddha was consistently sympathetic to the suffering of poor and helpless people and did everything possible including the abolition of a dictatorial system of governance as a means to relieve them from misery. He had a longstanding habit to be up by 4 in the morning, and any time before 7 in the morning was the best time for anyone who want to meet him, because, thereafter, the priest would be extremely busy with activities such as, Bana preaching, religious functions, Dana, lectures, conferences and such other functions in every part of the country. If he had accepted an invitation he attended to all of them with extreme punctuality without any concern for his health. Being a strong adherent of the Buddha's teaching “ Appamado amatapadam, pamado maccunopadam” he always used to say “Mahattayo, during this short span of our life, we should not waste even a single minute in providing our maximum service to the people' . I have observed that our Rev. Thero treated all alike, and never discriminated any one, and the most humble peasant received the same compassion and attention from him and attended to their requests even using his own resources. Even in many instances when he was not in the best of health, he always gave priority to his commitments. Following Buddha's advise “Sunatha dharetha charata Dhamme” , “Bahujana hitaya, bahujana sukhaya” during a span of over 60 years as a priest, he toured the length and breadth of the country preaching the Dhamma, as well as fearlessly intervening when the country or any group of innocent people faced with any disaster, and venturing to speak and act on their behalf, irrespective of their race, religion or political convictions, undeterred by the insults, defamations or threats to life. In many such instances, when we discreetly made some security arrangements, the Reverend Thero used to tell us “ Mahattayo, I feel comfortable to die in serving the people. So why should I have security guards?” Thereafter, whenever possible I used to accompany him when visiting distant places, even during such visits he always spoke with a deep understanding of the problems of the people and the possible solutions to many of them. I was often shocked with his comprehensive knowledge of many of the issues, and his vision, the commitment and the sincerity in resolving them, and am convinced that our country could have advanced a lot had many of our politicians possessed such qualities. To my understanding, after Late Prime Minister Hon. D. S. Senanayake, Rev. Sobitha Thero is one of the few great national leaders of Sri Lanka, who could effectively achieve an inter- racial and inter-religious unification in the country. He was fully convinced of the need for all of us to feel and act as a nation of Sri Lankans, which is an un- negotiable prerequisite for national prosperity. In reciprocation, he was recognized as a father figure by the vast majority of the moderate Sinhala, Tamil and Muslim citizens of the country. Rev.Sobhita's vision was that the real advancement of the country is achievable only through the emergence of a Sri Lankan nation with a collective effort by all the citizens sans any racial differences. The utmost and special quality I had observed in our Thero was that he had no animosity towards any person, and his concerns were only with regard to concepts and not with any personalities. He believed that mere shift of personalities without changing the system will not meet the objectives and continued to identify himself actively with a revolution to alter the same. In his approaches, even opponents were treated as noble friends, demonstrating the sublime qualities of a real Buddhaputra with a boundless compassion , kindness, sense of detachment and equanimity. Sobitha Thero dedicated the entirety of his sixty years of his priesthood for this purpose, sacrificing his health and finally succumbing to his grave illness. Hence the best respect we could offer to him is to mould our lives as inspired and guided by him and to provide our maximum support to achieve his dream “a society ensuring social justice”. As for our political leaders , the greatest tribute they could pay him is to sincerely dedicate themselves to act in terms of the commitments they have pledged to our Thero to create a society guaranteeing social justice. Finally, during the period Rev. Sobitha Thero was hospitalized for approximately two months, the only request he made from all the politicians both in power and in the opposition, was to continue the process already commenced and to develop our country and bring the much needed solace and happiness to the suffering masses. Even when the members of the NMSJ visited him he always used to request us to get all our members including Prof. Sarath Wijesuriya, Rev. Ried Shelton Fernando, Dr. Nirmal Ranjith Dewasiri etc, and all others including Ven. Dr.Dambara Amila Thero, Deshabandu Karu Jayasuriya who have been with us to continue with the Movement to make our collective vision of a “Sadharana Samajeyak” a reality. I can never forget his last words to me when I met him last, on the 30th of October, when he said that he will not have any other joy in the world except to witness a Sri Lanka, having abolished the Executive Presidency, safeguarded Democracy, created an environment of freedom, protected human rights, enabling people of every nationality or religion, to live together as true patriots and as children of the same mother, enabling our thrice blessed land to succeed like many other countries in the world., in other words the creation of just and fair society in which all the people enjoy to live with real contentment. *Sisira Jayamaha – General Secretary NMSJ and translated by R.S.Jayaratne/ Exco member NMSJ |
|
CITIZENS PEACE AWARD TO LATE VEN. MADULUWAWE SOBITHA The National Peace Council of Sri Lanka is awarding its annual Citizens Peace Prize for 2015 posthumously to the Most Venerable Maduluwawe Sobitha Nayake Thero for his fearless approach to minority rights and inter-religious coexistence, and for providing skillful leadership in promoting humane values and democratic governance. |
|
සෝභිත නාහිමියන්ගේ 74 වැනි ගුණානුස්මරණ උත්සවය හෙට අනුරාධපුරයේදී අපවත් වී වදාළ, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 74 වැනි ගුණානුස්මරණ උත්සවය හෙට (29) දින අනුරාධපුර, ඇලපත්ගම මාදුළුවාවේ ශ්‍රී සෝභිතාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. |
|
---|